Aboutceylon Online

සුනාමියට හසුවී අතුරුදහන්වූ දරුවෙක් වසර 16 කට පසුව මව සොයා එයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2004 වර්ෂයේදී වයස අවුරුදු 05ක් ව තිබියදී සුනාමියෙන් ව්‍යයසනයෙන් අතුරුදහන්වු අක්‍රම් රිස්කාන් නම් තරුණයෙකු සිය නියම දෙමව්පියන් සොයා ඒමේ පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම තරුණයා දැන් 21 වන වියේ පසුවනවා.

සිය පුතුණුවන් රෝහලේ සිටින බවට සුනාමි ව්‍යවසනයෙන් දින තුනකට පසුව තමන්ගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා පැවසූ බවත් තමන් එහි ගොස් බලන විට ඔහු එහි නොසිටි බවයි අබුසාලි සිත්ති කමාලියා ප්‍රකාශ කළේ.

“අද මේ සිද්ධිය වෙලා වසර 16 කට පස්සේ මගේ පුතා මාව හොයා ගෙන ඇවිල්ලා තියෙනවා. මම ඒ ගැන සතුටුයි. මම මගේ පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණය ඉක්මවා උත්සහ දැරුවා” යැයි මෙම මව කියා සිටියා.

Scroll to Top