Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වතු ජනතාවට නිවාස ලබා දීමේදී ලයිම ආශ්‍රිතවම එම නිවාස ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා හා අගමැතිතුමා පෙන්වා දෙනවා. වතු ආශ්‍රිත සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් ලබා දීම ද සැලසුමයි.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

වතු නිවාස හාර දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස 469 ක ඉදිකිරීම් අවසන් කර තිබෙනවා. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටලු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බවයි නිලධාරීන් මෙහිදී පැවසුවේ.

වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව පෞද්ගලික වතු සමාගම් ද සිය යුතුකම් හා වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, නිවාස, ක්‍රීඩා ඇතුලු අමාත්‍යාංශවල සහාය ලබා ගනිමින් වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අවධාරණය කළා.

Scroll to Top