මේ වන විට රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පුර්ණ කර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි කටයුතු සැලැස්වීමට අවධානය යොමුවී ඇත.
මේ සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇත.
නිවේදනයක් කරණ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මේ බව සඳහන් කරනවා.
රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණකර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම නව විධිවිධාන සකසා ඇත.