Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිවැරිදි නායකත්වය කියා දීමේ ගුරුවරයා පාසලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිවැරිදි නායකත්වය කියා දීමේ ගුරුවරයා පාසලයි. අපේ දැරුවන් අභියෝග සඳහා හුරු කරලීමයි අපි මෙයින් සිදු කරන්නේ. නායකයෙකු නිවැරිදි තීන්දු තීරණ නොපැකිලිව ගත යුතුයි.

පාසල දරුවාට නිවහනක්. පාසල් දිවියේ ලැබෙන අභියෝග ජය ගත හැකි සිසුවා ජීවිතයද ජය ගන්නවා යැයි අනුරාධපුර හිදෝගම තුරුවිල  විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.ටී.කුමාරසිරි මහතා පැවසීය.

අනුරාධපුර හිදෝගම තුරුවිල  විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකා පදක්කම් පැලැදවීම පසු ගියදා(28) තුරුවිල විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.  එහිදී අදහස් දැක්වූ අනුරාධපුර හිදෝගම තුරුවිල  විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.ටී.කුමාරසිරි මහතා මෙසේද කීය,

අද අපේ පාසලට තවත් සුවිශේෂි දවසක්. දරුවන් 38 දෙනෙකු මෙම පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස අද ප්‍රථිඥ්ඥා දුන්නා. මේ දරුවන් පාසලට කීර්ති නාමයක් ගෙන දුන් සිසුන්. මෙම දරුවන් මේ තත්ත්යට ගෙන එන්න පාසලේ ගුරුවරුන් විශාල කැපවීමක් කළා.

අද ඒ ගුරුවරුන්ගේ දෑස් වල සතුටු කදුලු. නිවැරිදි නායකත්වය කියා දීමේ ගුරුවරයා පාසලයි. දරුවන් අභියෝග වලට මුහුණ දෙන්න හුරු කිරීම පාසලෙන් සිදු වෙනවා. අධ්‍යාපනය පොත පතට සීමා විය යුතු නැහැ. අපි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කළ යුතුයි. ගුරුවරයා හදුනාගත් දක්ෂතා මත දරුවන් ඉදිරියට ගෙන යා යුතු  බව එහිදී වැඩිදුරටත් විදුහල්පතිතුමන් කීවේය.

තුරුවිල  විදුහල් විදුහල්පති ඩබ්ලිව්.ඒ.ටී.කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සදහා අවට විදුහල්වල විදුහල්පති වරුන් සහ දෙමාපියන් සහභාගී වූ අතර,ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස යූ.පී.ඒ.ඩී.නෙතුලි නුහන්සා,සහ පුධාන ශිෂ්‍ය නායක ලෙස ඒ.ඩී.තරුෂ දිනංජය ඇතුළු ශිෂ්‍ය නායක නායිකාවන් 38 දෙනෙකු හට පදක්කම් පැළැද වීම සිදුවිය.

Scroll to Top