විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මුල්‍යාධාර සීමාවීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලටද ඉදිරියේදී මුල්‍යාධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන්කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය.
පසුගිය කාලයේ රජයේ මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහන්වලදී දියුණු විහාරස්ථානවලට රුපියල් මිලියන ගණනින් ආධාර ලබා දී ඇති බවත්, දුෂ්කර සහ නොදියුණු පන්සල් සංවර්ධනයට මුදල් වෙන් නොවීමත් සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලාබා දුන්නේය.
නෙල්ලිගල රාජමහාවිහාරය පූජා භූමියක් ලෙස නම් කිරීම සහ විහාරස්ථානවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙහිදී අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබාදුන්නේය.