ඉදිරියේදී මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් රියදුරන්ට විශේෂ ලකුණු ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිලිබඳව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි.
එහිදී රියැදුරෙකුට ලකුණු 24ක් ලබාදෙන අතර රියදුරන් විසින් සිදුකරනු ලබන වැරදි මත ලකුණු අඩු කිරීම සිදුකරන බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියි.
යම් හෙයකින් ලකුණු 24ම අඩුවූ පසු රියදුරු බලපත්‍රය වසරක කාලයකට අහෝසි කොට පසුව යලි යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකිවන බවද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියි.