අනාගත ලෝකයට ආර්ථිකයට සහ සංවර්ධනයට දායක වියහැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැළසුම් පිළිබද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ පිළිබද පැහැදිලි කළා.
විශ්වවිද්‍යාල විෂය නිර්දේශ රැකියා වෙළෙදපොල ඉලක්ක කරගත යුතුයි. තාක්ෂණ විද්‍යා සහ තොරතුරු තාක්ෂණ විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල හුදෙක් උපාධි ප්රදානය කරන ආයතනයක් නොවිය යුතුයි. රටට ආර්ථිකයට මෙන්ම උපාධිලාභීන්ට ද ඉන් ප්‍රතිඵල අත්විය යුතුයි.
ප්‍රායෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් නව විෂය නිර්දේශ කඩිනමින් හදුන්වාදෙන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නා. අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත්කිරීමට නම් ඔවුන් දැනුම කුසලතා මෙන්ම නිපුණතාවන්ගෙන් පෝෂණය කිරීම අත්‍යවශ්‍ය වූවක්.
පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක් සිසුන්ට අධ්‍යාපන ක්ෂේත්රයේ අතරමංවීමට ඉඩ නොතබා පැහැදිලි මාර්ග සැළැස්මක් සකස් කළ යුතුයි. ඒ අනුව තාක්ෂණික අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමටත් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ තාක්ෂණ භාවිතය පුළුල් කිරීමටත් හැකිවනවා. අධ්‍යාපනයට අදාළ සියලු ආයතන එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ඇත්තේ මේ අරමුණ සපුරා ගැනීමට බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.