Aboutceylon Online

ගෙවතු වගා ව්‍යාපෘතියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ දිවයින පුරා ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ගෙවතු වගා වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ජාතික, පළාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමින් පිහිටවනු ලබන කමිටු පහක් හරහා මෙම ගෙවතු වගා වැඩසටහන අධීක්ෂණය කිරීමට සැළසුම් කර ඇති බව පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

එහිදී වැඩි ඵලදාවක් ලබාගන්නා ශාක සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමට සැළසුම් කර තිබේ.

එමෙන්ම ගෘහස්ථ කුකුල් පාලනය, එළුවන් පාලනය ,මිරිදිය වැව් ,වතු ජලාශ හා ගෙවත්තේ මඩ පොකුණුවල මත්ස්‍ය වගාවට පහසුකම් සැපයීම සහ ගෘහස්ථ කිරි කර්මාන්තය දියුණු කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව තිබුණි.

විදෙස්ගත වන කාන්තාවන් සංඛ්‍යාව අවම කරමින්, කාන්තාවට ආර්ථිකයට දායක විය හැකි ක්‍රමවේදයක් මෙමඟින් නිර්මාණය කිරීම ද මෙහි අරමුණ වන බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

පරිසරය රැකගැනීම තම ගෙවත්තෙන් ආරම්භ කරන මෙන් පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා එහිදී අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

Scroll to Top