මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් ජන ජිවිතයට මෙන්ම රථ වාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහනය පැහැදිලි ලෙස දිස් නොවිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි ඇත.
එම මාර්ගයේ රථ වාහන ගමන් ගන්නා රථ වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාමිපු දල්වාගෙන සෙමින් රිය ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ට උපදෙස් ලබාදෙමින් සිටියි.
තවද එම මාර්ගයට පස් කදු සහ ගස් කඩා වැටිමේ අවධානමක්ද පවතින බවද පොලිසිය කියා සිටියි.