Aboutceylon Online

පොල්වලට උපරිම සිල්ලර මිලක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන සහන මිලට අද සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

රුපියල් 60 ක සහන මිලකට රට පුරා පොල් බෙදාහැරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පොල් සදහා රුපියල් 75ක උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසනවා.

Scroll to Top