කොවිඩ් – 19 වයිරසය ඉදිරි කාලයේදී සමාජයේ යළි පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
කොරෝනා මර්දනය සඳහා වන සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මහජනතාව සීමාවක් නොමැතිව ඒකරාශී වීම නැවත කොරෝනා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමට හේතු වී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
කොවිඩ් – 19 අවදානම මේ වන විට මෙරට ජනතාවට අමතක වී ගොස් ඇති බවත් එම නිසාම මහජනතාව ඒකරාශී වන විවිධ උත්සව සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් නොමැතිව සංවිධාන කිරීම සිදු වන බවත් ඒ මහතා පැවැසුවේය.
වයිරසය ආසාදිතයකු සමාජය තුළ සිටියහොත් වෛරසය බරපතළ ලෙස සමාජයේ ව්‍යාප්තවීමක් සිදු විය හැකි බව ද ඒ මහතා කියා සිටියේය.