ගිලන් රථයක් පැමිණෙන තුරු බලා සිට මහමඟ ම මියැදුණු මිනිසුන් පිළිබඳවත් රෝහල්වලට භාර නොගැනීම නිසා කොවිඩ් වැළඳුනු ගැබිණි මව්වරුන් මියයාමේ සිදුවීම් රැසක් ද ඉන්දියාවෙන් වාර්තා වේ.
ඉන්දියාවේ ආසාදිත රෝගීන්ට දැඩිසත්කාර ඇඳ පහසුකම් සහ ඔක්සිජන් සැපයුම අතින් ද හිඟයක් පවතී.
ඉන්දියාව තුළ මරණය අතිශය සුලභ සිදුවීමක් බවට පත්ව ඇති අතර ආදාහනාගාර තුළ මිනී කඳු වශයෙන් ගොඩ ගැසෙමින් පවතී.