Aboutceylon Online

මංතීරු නීිතිය උල්ලංඝනය කරන රියදුරන්ගෙන් රුපියල් 2000 ක දඩයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මංතීරු නීතිය හෙට සිට අකුරට ක්‍රියාත්මකයි. පෙරවරු 06 සිට 9 දක්වා සහ පස්වරු 4 සිට රාත්‍රි 08 දක්වා කාලය තුළ මංතීරු නීතිය පිළිපැදීම අනිවාර්ය කාරණයක් බවයි පොලිසිය පැවැසුවේ.

මංතීරු නීිතිය උල්ලංඝනය කරන රියදුරන්ගෙන් රුපියල් 2000 ක් ස්ථානීය දඩයක් අය කිරීමට පොලිසියට බලය පැවැරී තිබෙනවා.

එමෙන්ම බරපතල වරදක් සිදුවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවන බවයි පොලිසිය පැවැසුවේ. රථවාහන තදබදය හා අනතුරු අවමකර ගැනීම මෙම වැඩපිළිවෙලේ අපේක්‍ෂාවයි.

මංතීරු නීතියට අනුව වම්පස මංතීරුව මගී ප්‍රවාහන බස්රථවලටත් ත්‍රිරෝද රථ හා යතුරුපැදි වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මධ්‍ය මංතීරුවල රථවාහන අඩු අවස්ථාවල එම මංතීරුවල ධාවනය වීමටද ත්‍රිරෝද රථ හා යතුරුපැදිවලට අවස්ථාව ලබාදීමටයි පොලිසිය පියවර ගෙන තිබෙන්නේ.

Scroll to Top