මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.
ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රියව විවෘත වි ඇත.
ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සියළුම වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලේ ජලාශයේ ජලය පරිහරණය කිරිමේදි සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබිමත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ඇද හැලෙන ජල ධාරිතාවද ඉහල ගොස් ඇත.