Aboutceylon Online

ගිනිගත්හේන ප්‍රදේශයේ විදුලිය ඇණ හිටි – කාසල්රි පිටාර මට්ටමට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව සහ තද සුලං තත්ත්වය හේතුවෙන් මැයි මාර ගසක් කඩා වැටිමෙන් ඇණ හිට තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය යලි (18) දින පස්වරුවේ සිට යථා තත්ත්වයට පත් කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගිනිගත්හේන නගරය ආසන්නයේ පිහිටි හින්දු කොවිල අසල ප්‍රධාන මාර්ගයට (18) දින පස්වරු 3.30 ට පමණ  ප්‍රධාන මාර්ගය අභියස තිබු විශාල මැයි මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් ඇණ හිට තිබුණි.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මැයි මාර ගස ගිනිගත්හේන පොලිසියේ නිලධාරින්, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් වුයේ.



මැයි මාර ගස කඩා වැටිමෙන් ප්‍රධාන මාර්ගය අභියස තිබු අධි බැලැති විදුලි රැහන් සහිත කණු කිහිපයක්, ට්‍රාන්ෆොමරයක් , දුරකථන රැහන් සහිත කණු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇත.

විදුලි ට්‍රාන්ස්ෆොමරය , රැහන් සහ කණු කඩා වැටිම නිසා ගිනිගත්හේන ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රුසකට (18) දින රාත්‍රියේ සිට විදුලි බලය ඇණ හිට ඇත.

එම ප්‍රදේශයට කඩිනමින් විදුලි බලය ලබා දිමට කටයුතු කරන බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියේ.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසිය.

Scroll to Top