සැලී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පැයට කිලෝමීටර 169 ක වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා සහ ඇලබාමා ප්‍රාන්තවල ජලගැලීම්ද වාර්තා විය.
සුළි කුණාටුවත් සමඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිලිමීටර 762 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.