Aboutceylon Online

රෝගී සුරක්ෂිතතාව පිලිබද අන්තර්ජාතික දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2019 වසරේ  සිට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කල අන්තර්ජාතික දිනයක් ලෙස රෝගී සුරක්ෂිතතාව පිලිබඳව අන්තර්ජාතික දිනය සැලකේ.

එය මේ වසරේත් 2020.09.17 (බ්‍රහස්පතින්දා) ලෝකය පුරා සමරනු ලබයි.

ඊට සමගාමීව දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල මේ වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් සිදුකරයි. එහි ජාතික සැමරුම් නිල උත්සවය ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ  ප්‍රධානත්වයෙන් , සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේදී, 2020  සැප්තැම්බර් 17, පෙරවරු 09.30 ට පැවැත්වේ.

කොවිඩ් -19  තත්වය නිසා, මෙවර මේ දිනයේ තේමාව ලෙස යොදාගෙන ඇත්තේ “රෝගී සුරක්ෂිතතාව උදෙසා සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයේ සුරක්ෂිතතාව” බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ,තත්ව කළමනාකරණ, රෝගී සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආරක්ෂණ  අංශයේ අධ්‍යක්ෂ , විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පවසයි.

Scroll to Top