පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇහැලෙපොළ හා යටවත්ත ජනතාව එගොඩ මෙගොඩ වීමට ඉදිකර තිබෙන අඩි 150ක් පමණ දිග සංගිලි පාලම වසර ගණනාවක් තිස්සේ අබලන් වී තිබීම නිසා ප්‍රදේශවාසීහු දැඩි දුෂ්කරතාවට පත්වී සිටිති.
මෙම පාලම ඓතිහාසික වටිනාකමක් ඇති එකක් වන අතර එය ඇහැලේපොළ අදිකාරම්ගේ වලව්වට යෑමට පාවිච්චි කර ඇති බව එම ගම්වල පැරැන්නෝ කියති.
තවදුරටත් ඔවුන් පවසන්නේ තම මුතුන්මිත්තන් පවා මෙම පාලම පාවිච්චි කර ඇති බවයි.
එවැනි ඓතිහාසික වාටිනාකමක් ඇති මෙම සංගිලි පාලම ප්‍රතිසංස්කරණය කිරීමට මෙතෙක් බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා එය දිරාපත්වී ගොස් ඇත.