අකර්මන්‍ය වූ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය වැඩ සටහන් මාලාව නැවත රජරටින් ආරම්බ කිරීමට බලා පොරොත්තු වන බවත් ඒ තුළින් රජරට සිටින රැකියා විරහිත ස්වං රැකියා ලාභින්ට ශක්තියක් වීමට අවශ්‍යය සියලු කටයුතු සූදානම් කරන බවත් සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂද්ර මූල්‍ය , ස්වං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
අනුරාධපුර නගරයේ ,අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මැහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය,
පළමු අදියර වශයෙන් මෙය අනුරාධපුර දිස්ත්ර්කයෙන් ආරම්භ කර දෙවනුව දිවයින පුරා තෝරාගත් ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාස ආවරණය කරමින් දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළිඳුකමින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ජනතා සමාගම් බිහිකර ඒවාට වෙළෙඳ පොළ ජය ගැනීමේ අවස්ථාව සලසා දීම ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා සිදු කිරීමට අපි බලා පොරොත්තු වෙනවා.
මේ පළි බද මා අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මැහතා සමග සාකච්ඡා කලා.
අපේ රටේ කාලීන අවශ්‍යතාවක් යුගයේ අවශ්‍යතාවක් ජාතික වශයෙන් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් වූ දුගී බවෙන් නිදහස් වීම සඳහා මුළු මහත් ජනතාව තුළ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සඳහා සමාජ සාධාරණත්වය තුළ සෑම මිනිසකුටම දරිද්‍රතාවයෙන්, බඩගින්නෙන්, කුසගින්නෙන් තොරව ජීවත්වීම සඳහා ආරම්භ කරනු ලබන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පසුගිය ආණ්ඩු කාලයේ අකර්මන්‍ය වෙලා තිබුණා. එය අපි නැවත නිවැරිදිව ආරම්බ කිරීමට කටයුතු කරනවා.
ඒ පිළිබඳ තවත් සාකච්ඡා වාර කිහිපයක් අපි කරනවා. බැංකු නිලධාරින් සහ අදාල සියලුම නිලධාරින් සමග.
මේ වැඩපිළිවෙළෙහි නායකත්වය ප්‍රමුඛත්වය ගන්නේ ග්‍රාමීය ජනතාවයි.
රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළ ධනවතුන් තවත් ධනවතුන් කරන්න ධනවතුන්ට පහසුකම් දීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව ආර්ථික අමාරුකම් දරිද්‍රතාවයන් තිබෙන ජනතාව එයින් මුදා ගැනීම සඳහා ඔවුන්ට යහපත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ වරප්‍රසාද ලබාදීම ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම රජයක මූලික වගකීම යුතුකම සහ කාර්යභාරය විදියට මා විශ්වාස කරනවා.
අපේ රටේ දුගී භාවය දරිද්‍රතාවය පිළිබඳ නැති-බැරිකම දුප්පත්කම පිළිබඳ තිබෙන්නා වූ සංඛ්‍යා ලේඛන බොහෝවිට කියවෙනවා.
ඉතාම අඩු ආදායම් ලබන ඉතාම අමාරුවෙන් ජීවත්වන ජනතාව සියයට හතක් විතර කියා කියනවා. නමුත් ඔබ අප කවුරුත් දන්නවා මේ රටේ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල රාජ්‍ය සේවකයාගේ ආර්ථික තත්ත්වය කුමක්ද?.
මේ රටේ පෞද්ගලික අංශයේ සේවය කරන පෞද්ගලික අංශයේ පහළ සේවකයාගේ ආර්ථික තත්ත්වය කුමක්ද?. මේ රටේ ගැමි දිරිය නැතිනම් සමෘද්ධි වැඩසටහන්වලට එක්වී සිටින ඒ ප්රතිලාභ ලබන ජනතාවගේ ආර්ථීක තත්ත්වය කුමක්ද?.
මේ කියන ශ්‍රේණි සහ කොටස්වලට අමතරව සමාජ ස්ථරයන් තුළ විවිධාකාරයෙන් ගැවසෙන ජනතාවගේ ආර්ථීක තත්ත්වය ගත් විට අපට කිසිසේත්ම සතුටු විය හැකි තැනක නොමැති බව ඔබ අප කවුරුත් දන්නවා.
එසේනම් දේශපාලන වශයෙන් තවත් කෙනකුට ඇගිල්ල දික් කිරීම නොව තමන් දෙසට ඇගිල්ල දික් කරවා ගැනීම ද නොව අප විසින් කළ යුත්තේ ගෙවී ගිය දශක කිහිපයේ සෑම රජයක් විසින්ම අප මේ අරමුණු කරන්නා වූ කාර්යයට ක්‍රියාත්මක කරන ලද විවිධ ව්‍යාපෘතීන් විවිධ වැඩසටහන් තුළ රටත් රජයත් ජනතාවත් විදියට ලබා ඇති අත්දැකීම් සමඟ මේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමයි.