කෑගල්ල – ගලිගමුව ප්‍රදේශයේ ගෙවතු අස්වනුවලට වෙළෙඳ පොළක් සකසා දෙන්නේ නම් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය සරුසාර පිළිවතකට ගෙනයා හැකියි. ගලිගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමිත් රම්‍යකුමාර මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ මේ වන විට අස්වනු නෙළමින් පවතින ඉද්දමල්පාන විහාරයේ භුමිභාගයක වගා කර ඇති මිරිස් වගාවන් පිළිබඳ දැක ගැනීමට ගිය අවස්ථාවේදීය.
මෙහිදී අපට හමුවු ඉද්දමල්පාන රජමහා විහාර අධිකාරී හරිගල සුමනරතන හිමියෝ මෙසේ පැවසුහ.
විහාරස්ථානයට අයත් අක්කරයක පමණ වන මෙම භූමිය කැලෑ රොදක් ලෙසයි තිබුණේ. පසුගිය මාර්තු මාසයේ මේක එළිපෙහෙලි කළාට පසුව ගලිගමුව යට්ටෝගොඩ ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක තිලක් නවරත්න මහතා යෝජනා කළා. අලුත් මිරිස් වර්ගයක් තිබෙනවා.
මේ භුමිභාගයත් ඊට ගැළැපෙනවා. වගාව ආරම්භ කරමුද කියල. ගමේ අයටත් ඒ කාලයේ කොරෝනා නිසා රැකියාවල් ඇහිරිලා තිබුණා.
අපි මිරිස් පැළ හයදාහක් පමණ හිටෙව්වා. දැන් අපිට ඵලදාව ලැබෙමින් පවතිනවා. එහෙත් වෙළෙඳ පොළක් නැති වීම අපිට පමණක් නොවෙයි මේ ප්‍රදේශයේ බොහෝ වගා කටයුතුවල යෙදෙන්නන් අධෛර්යවත් කරනවා.
ගලිගමුව – යට්ටෝගොඩ ගොවි ජනසේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක තිලක් නවරත්න මහතා,
මෙහි වගා කර තිබෙන්නේ අපේ රටේ ජාතික කෘෂි බිජ නිෂ්පාදන ආයතනයක් වු මහඉලුප්පල්ලම පරියේෂණායතනයේ නවතම නිෂ්පාදන බීජයක් වු එම්.අයි.සී.එච් .-1 නම් වු හයිබ්ජ් වර්ගයේ මිරිස් වර්ගයක් මෙහි පලදාව හොඳයි.
මෙම වැඩසටහනට කෑගල්ල දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ චම්පික වෙලගෙදර, නියොජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ නිර්මලා රාජපක්ෂ, අතිරේක පළාත් අධ්යක්ෂ ධනන්ජනි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ගෙන් ලැබුණු උපදෙස් හා මගපෙන්වීම යටතේ සිදු කළා. එම සහයෝගය මේ ප්‍රදේශයේ වගාවන් ඉහළ නංවා ගැනීමට මහත් උපකාර වන බවද ප්‍රදේශවාසීහු පැවසුහ.