ඇස්ට්‍රාසෙනෙකා සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව එක්සත් රාජධානියේ කොරෝනා එන්නතක් නිපදවීමට ගෙන ගිය පරීක්ෂණ අවසාන අදියරට ළංව තිබියදී හදිසියේ අත්හිටුවීමට සිදු වී ඇත.
එන්නත ලබා දුන් ස්වේච්ඡා සේවකයාට ඇති වූ දරුණු අහිතකර ප්‍රතික්‍රියාවක් ඇතිවීම නිසා මෙසේ එම පරීක්ෂණ අත්හිටුවා තිබේ.
3 වැනි අදියරේ පරීක්ෂණ සිදු කෙරෙමින් පැවැති ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත අමෙරිකාවේ, එක්සත් රාජධානියේ, බ්‍රසීලයේ සහ දකුණු අප්‍රිකාවේ 30,000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරමින් පැවැතිණි.