Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අදත් පළාත් කිහිපයකට වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයින පුරා, විශේෂයෙන්දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද සවස් කාලයේ සිට අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලවිටින් විට වැසි ඇති වන අතර ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මුලතිව්සහවව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැක.



යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (05) දින දහවල් 12:09 ට අඟුලාන, කීරගල, බොගවන්තලාව, දියතලාව සහ කුඹුක්කන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

Scroll to Top