ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ඇතුළු කණ්ඩායම් විසින් ඒකාබද්ධව දැවැන්ත උත්සාහය කින් පසු ගින්න පාලනය කල බව ඔවුන් නිවේදනය කර ඇත.
නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව චීන වරාය ගුවන් හමුදා කඳවුරින් අද උදෑසන වයි 12 වර්ගයේ ගුවන් යානයක් පිටත් කර හැර තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, නෞකාවේ පිටත කොටසේ ගින්න පැතිරීම පාලනය කර ඇතත් තවදුරටත් ගින්න පවතී ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා එම යානය යෙදවූ බවයි.
ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානායක් සූදානමින් තබා ඇතැයි ද ඔහු පැවසී ය.
නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ ඇති බව සදහන්.
New Diamond යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන ඇති බව සැක කරයි.