සංගමන් කන්දට ආසන්නයේ මුහුදේදී සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
ගිනි ගනිමින් ඇති New Diamond තෙල් නෞකාවේ බොයිලේරුවේ සේවය කළ අයෙකු මියගොස් ඇති බවට වාර්තා වන බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ සඳහා ඉන්දීය නාවික හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායම් දැවැන්ත මෙහෙයුමක නිරත වෙයි.
පැනමා ධජය යටතේ තෙල් මෙට්‍රික් ටොන් 270,000 ක් ප්‍රවාහනය කරනු ලබන ÒMT නිව් ඩයමන්ඩෙ නම් මෙම නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ නෞකා 3 පිටත්කර යවූ බවද හෙතෙම කීවේය.
ඒ අනුව කුවේටයේ මීනා අල් අහමන්ඩි වරායේ සිට නැඟෙනහිර ඉන්දියාවේ ප්‍රදීප් වරාය බලා ගමන් කරමින් සිට ඇති මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව පියවර ගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.