Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පහළ වායුගෝලය කැළඹෙයි – රතු නිවේදන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැ. කි. මි (70-80) දක්වා ඉහල යා හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.



මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට   හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි වීමේ හැකියාවක් පවතී.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැක.



ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

Scroll to Top