Aboutceylon Online

‘ජර්මන් ටෙක්’ රටේ දුෂ්කර පළාත්වලටත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තිමය හා උපාය මාර්ගික කරුණු ඇතුලත් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසත් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ආයතනයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.



විශේෂයෙන්ම එම ආයතනයේ පුහුණුව ලබන සිසුන්ගේ වෘත්තීය පුහුණුව ගුණාත්මක ලෙස ඉහල නැංවීමට අදාල වන ගැටළු පිළිබඳව මෙන්ම ආයතනික ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙබඳු ආයතන දුෂ්කර පළාත්වලටද ව්‍යාප්ත කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නාය.

Scroll to Top