දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.
විදුලි බල මණ්ඩලය පැවසුවේ, දිවයිනම කලාප 4 කට වෙන්කර අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කිරීම සිදුකෙරෙන බවයි.
ඒ අනුව, විදුලිය විසන්ධි කරන වේලාවන් වන්නේ,
පස්වරු 6 සිට 7 දක්වා,
පස්වරු 7 සිට 8 දක්වා,
රාත්‍රී 8 සිට 9 දක්වා, සහ
රාත්‍රී 9 සිට 10 දක්වායි.
විදුලි බල මණ්ඩලය පැවසුවේ, පද්ධතියේ ජනන සැපයුම යථාතත්ත්වයට පත් කෙරෙන තෙක් විදුලිය කප්පාදු කිරිමට සිදුවනු ඇති බවයි.