මහමඟ ගමන් ගන්නා ජනතාවට පන්න පන්නා පහර දෙන විශාල උකුස්සෙකු පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් බැම්මේ පිහිටි පත්තිනි දේවාලය අවට මේ දිනවල සැරිසරණ බව මහජනතාව කියා සිටී.
දැනට මාසයකට අධික කාලයක පටන් මේ පක්ෂියා මෙම ප්‍රදේශයේ සැරිසරණ බවත් පරාක්‍රම සමුද්‍රයේ සිටින මසුන් ආහාරයට ගැනීමට මහත් ගිජුකමක් දක්වන නිසා වැව් බැම්මේ පිහිටි ගස්වල අතුපතර අතර වාසය කරන බවද ඔවුහු පැවැසූහ.