අපේ පැරණි ජනයාගේ තිබූ ගමයි පන්සලයි අතර බැදීම වර්ථමානය වන විටි ගම් වැසියන්ගෙන් මග හැරිලා තිබෙනවා. කුඩා කල සිට දහම් අධ්‍යාපනය හැදෑරීමට යොමු කිරීම දරුවකුගේ සදාචාරාත්මක හැදියාව ස්මතු කරන හොදම මාර්ගයයි.
මේ 20 වන සතවර්ෂයවත් මිනිසුන් දහමින් ජීවත් විය යුතු බව හිරල්ලුගම ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පුජ්‍ය හිරල්ලුගම විජයරතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කලේය.
හිරල්ලුගම ශ්‍රී සුනන්දාරාම විහාරාස්ථානයේ අභිනවයෙන් ඉදි වෙමින් පවතින වාහල්කඩ සඳහා මුල් ගල් තැබීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත පසුගියදා(17) හිරල්ලුගම ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පුජ්‍ය හිරල්ලුගම විජයරතන ස්වාමින් වහන්සේ එසේ පැවසීය.
පුජ්‍ය හිරල්ලුගම විජයරතන ස්වාමින් වහන්සේ මසේද කීය,
අද වන විට දහමට සමීප වන පිරිස අඩු වීමක් දක්නට තිබෙනවා. එහි ප්‍රථිපල මේ වන විට පුවත් පත් රූපවාහිණියෙන් අපි දක්නවා.පියා අතින් දුව දූෂණය වෙනවා, පුතා අතින් මව දූෂණය වෙනවා.
සහෝදරයා හදුනන්නේ නෑ. නෑදෑයා හිතවතා හදුන්නනේ නෑ.
අපේ පැරණි සිරිත් විරිත් වලට පයින් ගහලා මිනිසුන් විනාශය ලගා කරගන්න හැටි අපි දකිනවා.
අපේ තිලෝගුරු ගෞතම බුදු රජානන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය, දේශනා කළ දහම වැලදගත් පුද්ගලයින් ජීවිත හැමදාම ජය ගන්නවා. හොද සිරිත් විරිත් ඉගෙන ගන්නවා.
ජාතියක් වශයෙන් ආගමක් වශයෙන් නොවේ. සමස්ථයක් වශයෙන් මම ඉල්ලා සිටිනවා මේ රට මුලු මහත් ලෝකයාගේම අවධානය යොමු වුණ රටක්. ඒ රටේ දැහැමින් පිරි සමාජයක් නිර්මාණය කරන්න කටයුතු කරන්න කියලා.
ඉදි වෙමින් පවතින හිරල්ලුගම ශ්‍රී සුනන්දාරාම විහාරාස්ථානයේ වාහල්කඩ සඳහා පිං කැමති සැමට සහයෝගය දැක්විය හැකියි. ඒ සඳහා උදව් උපකාර කල හැකි අය සිටීනම් 0718572548 ( (විහාරාධිපති) දුරකතන අංකය අමතන්න.