Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් වල ගුරුවරුන්ගේ විශාල හිගයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අනුරාධපුර දිස්ත්‍රිකයේ අධ්‍යාපන ප්‍රශ්නය මේ වන ව්ට විශාල ප්‍රශ්නයක්, බරපතල අර්බුධයක් බවට පත් වෙලා. අපේ ප්‍රදේශයේ තිබෙන සියලුම පාසල් වල ගුරුවරුන්ගේ විශාල හිගයක් පවතිනවා. සමහර පාසල් වල ගුරුවරුන් නැත්තටම නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චි ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති , කේ.එච් නන්දසේන මහතා එසේ පැවසුවේ පසුගියදා (16) මැදවච්චිය පැවති ජන හමුවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ මහතා මෙසේද කීය,
මේ ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු බොහෝමයක් තිබෙනවා. පානීය ජලය, වාරි ජල ප්‍රශ්නය, නිවාස ප්‍රශ්න, ඒ වගේම සනීපාරක්ෂක ගැටලුව වැනි ප්‍රධාන ප්‍රශ්න රාශියකට මේ ජනතාව මුහුණ දී තිබෙනවා. සමහර ගම්මාන වල සනීපාරක්ෂක ගැටලුව උග්‍රව පවතිනවා.

ඒ වගේම තමයි අනුරාධපුර දිස්ත්‍රිකයේ අධ්‍යාපන ප්‍රශ්නය මේ වන ව්ට විශාල ප්‍රශ්නයක්, බරපතල අර්බුධයක් බවට පත් වෙලා. අපේ ප්‍රදේශයේ තිබෙන සියලුම පාසල් වල ගුරුවරුන්ගේ විශාල හිගයක් පවතිනවා. සමහර පාසල් වල ගුරුවරුන් නැත්තටම නැහැ.



අපිට මේ සියලු ගැටළු විසදිය යුතුව තිබෙනවා. මැදවච්චිය ආසනයට අවුරුදු ගානක් පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් හිටියේ නැහැ. ඒ අදුරු යුගයේ අපේ ජනතවගේ ප්‍රශ්න කියා ගන්න කෙනෙක් හිටියේ නැහැ.

දිනෙන් දින ප්‍රශ්න වැඩිවුණා මිස ඒවා අඩු කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය හිමි මහජන නියෝජිතයෙක් හිටියේ නැහැ.

අපට ජනතාව දැන් ඒ ගැටලු බාරදී තිබෙනවා. මම මේ දිස්ත්‍රිකයේ, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති.

ජනාධිපතිතුමන් ලබා දුන් එම තනතුරින් උපරිම ජනතා සේවයක් ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මට පුලුවන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හරහා ලැබෙන මුදල් කලමණාකරනය කර හදුනාගත් ප්‍රධාන ගැටලු සඳහා මුල් තැන දී ඒ තුළින් කටයුතු කරන්න.

මම මේ ආසනය නැවත මුල සිට සකසනවා. අනුරාධපුර දිස්ත්‍රිකයේ ආදර්ශවත් ආසනය බවට මම මේ ආසනය පත් කරනවා.

Scroll to Top