ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මැදවච්චිය ,පුල්එලිය ප්රදේශයේ නිවසක , ගෙවත්තේ ගංජා වගා කළ මැදවච්චිය ප්රදේශය සභාවට ප්රධාන පක්ෂයකින් අපේක්ෂකයෙකු ලෙස තරග කල පුද්ගලයෙකු අත් අංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 62 ක් වූ සී.බී කමල්සිරි නැමති මැදවච්චිය ,පුල්එලිය පදිංචි පුද්ගලයෙකි.
මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්. අනුර බණ්බාර මහතාගේ උපදෙස් පරිදි මැදවච්චිය පොලිස් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ශාන්ත මහතා ඇතුලු කණ්ඩායමට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
මෙම සැකකරුගේ නිවසේ ගෙවත්තතේ තක්කාලි වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් ගංජා පැලයක් වගා කර ඇති අතර එම පැලය අඩි 09 ට ආසන්නව සාරවත්ව වැඩී තිබුණු බව පොලිසිය පැවසීය. පොලිසිය විසින් එම පැලය ගලවා අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙන ඇති අතර සැක කරුද නිවසේදීම අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට පත් සැක කරු මැදවච්චිය ප්රදේශය සභාවට ප්රධාන පක්ෂයකින් අපේක්ෂකයෙකු ලෙස තරග කර පරාජය වූ මහජන නියෝජිතයෙකි.