උඩප්පුව පොලිස් වසමේ පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක රෝහල් සායනික අපද්‍රව්‍ය තොගයක් ගොඩගැසීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩමට අදාල අපද්‍රව්‍ය තොගය ගොඩ ගසා ඇති බවත්, එම අපද්‍රව්‍ය තොගය ටොන් 30ට අධික බවත් පොලිසිය හා සෞඛ්‍ය අංශ කල විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.
ජනතාව පවසන්නේ සති දෙකක පමණ කාලයක සිට ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිරෙමින් තිබූ බවයි.
පසුව සිදුකළ සොයා බැලීමකදීයි මෙම කසළ තොගය පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙන්නේ.