Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් සිදු කරමින් තේ වත්තේ සහ කෙසෙල්ගමුඔය රක්ෂිතයේ  මැණික් ගරමින් සිටි සැකකරුවන් හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ පහල කොටසේ තේ වත්තේ තේ පදුරු ගලවා විශාල පරිසර හානියක් සිදු කරමින් පිරිසක් සහ  බගවන්තලාව ලොයිනොන් වත්තේ කෙසෙල්ගමුඔය රක්ෂිතයේ ඉවුරු කපා මැණික් ගරමින් සිටි පිරිසකුයි මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් අනවසරෙන් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.



සැකකරුවන් වලවල් කපා ගොඩදමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් , මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේයේම පදිංචිකරුවන් බවත් , අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , සැකකරුවන්ට එරෙහිව (18) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

Scroll to Top