Aboutceylon Online

මහාචාර්ය ගංගානාත් මහතාගේ අභාවය පිළිබඳ ජපාන තනාපති කාර්යාලයේ ශෝකය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2020 අගෝස්තු මස 11 වන දින සිදුවූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ අභාවය පිළිබඳව ජපාන තනාපති කාර්යාලය සිය බලවත් ශෝකය හා කණගාටුව ප්‍රකාශ කර සිටිනු ලබයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම වෙනුවෙන් මහාචාර්ය දිසානායකයන්ගෙන් ලද දායකත්වය උදෙසා ගරු කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු සුගියම අකිරා මහතා වෙනුවෙන් අගෝස්තු 12 වන දින මහාචාර්ය දිසානායකයන්ගේ නිවස වෙත පැමිණි වැඩ බලන තානාපති කිටමුරා ටොෂිහිරෝ මහතා විසින් සිය බලවත් ශෝකය හා සංවේගය එතුමාගේ පවුලේ ආදරණීයයන් වෙත දක්වා සිටිනු ලැබීය.

ජපානය සමග මහාචාර්ය දිසානායකයන්ගේ පැවති දිගු කාලීන මිතුදම එතුමා වර්ෂ 2015 දී ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීමටත් පෙර ඈතට දිව යයි. හිටපු තානාපතිවරයා විසින් ජපානයේ ටොකායි විශ්ව විද්‍යාලයේදී සිය ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි හැදෑරූ 90 දශකයේ මුල් භාගයේ පටන් එරට හා එහි ජනතාව පිළිබඳව බොහෝ සෙයින් ආදරය හා දයාව දක්වන ලදී.

ජන සන්නිවේදනය පිළිබඳව බෙහෙවින් උද්යෝගිමත් වූ, එමෙන්ම, කීර්තිමත් සිංහල භාෂාවේදියෙකුද වූ මහාචාර්ය දිසානායකයන් ජපානයේ විවිධාකාරයේ විශ්ව විද්‍යාල හා ආයතනයන් හි නොයෙක් ආකාරයෙන් සේවය කර ඇති අතර, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවයේ නියුතු අංකුර රාජ්‍ය තාන්ත්‍රිකයින් හට සිංහල භාෂාව පිළිබඳව පරිණත විශේෂඥයින් බවට පත්වීම සඳහා මග පෙන්වීමද සිදුකර ඇත.

මහාචාර්ය දිසානායකයන් විසින් විරචිත, ශ්‍රී ලාංකික හා ජපාන යන දෙරටේම පාඨක සමූහයා අතර ප්‍රචලිත, නිර්මාණාත්මක රචනාවන් තුලින් දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා ප්‍රවර්ධනය කරනු වස්  එතුමා තුල තිබූ නොතිත් උද්යෝගය පිළිබිඹු වන අතර, දෙරටෙහි සංස්කෘතීන් හා මිත්‍රත්වය යා කිරීම උදෙසා එතුමා විසින් දක්වන ලද අප්‍රතිහත දායකත්වය වෙනුවෙන් එතුමා ගෞරවාදරයට පත්වී ඇත.

විශේෂයෙන් කිවතොත්, ජපානය පිළිබඳව සහකම්පිත ප්‍රතිරූපය විදහා දැක්වෙන, ᳓පැණි වළලු᳓  ලිපි එකතුව තුලින් එතුමාගේ ළබැඳි රට පිළිබඳව එතුමා තුල රැඳී තිබූ හෘදයාංගම දැක්ම කුළු ගැන්වී පෙනේ.

එතුමා වැනි ඉමහත් ගෞරවයට පත් පෞරුෂ සලකුණක අහිමි වීම ශ්‍රී ලංකාව සහ ජපානය යන දෙරටටම ප්‍රතිස්ථාපනය කළ නොහැකි පාඩුවක් වන නමුත් ඔහු තුල තිබූ නොපිරිහෙන ජීව ගුණය අප හදවත් ගැඹුරේ නින්නාද වන අතර, අප ඉදිරියේ ඇති මාවත දීප්තිමත්ව ආලෝකමත් කිරීමට උපකාරී වනු ඇත.

මේ මොහොතේදී බලවත් ශෝකයට හා වේදනාවට පත් එතුමාගේ පවුලේ ආරණීයයන් හා අපද අත්වැල් බැඳගන්නෙමු.

එතුමා වෙත අමා මහ නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

සංස්කෘතික හා ‌තොරතුරු අංශය, ජපාන තානාපති කාර්යාලය.

Scroll to Top