නව කැබිනට් මණ්ඩලය ලබන 19 වන බදාදා පස්වරුවේදී රැස්වීමට නියමිතය.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙනි.
පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මේ අතර 9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ලබන 20 වනදා පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ් ප්රධානත්වයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.