කෘෂිකර්මාන්තයේදී ජල සම්පාදනයේදී, ජල මෝටර් සඳහා ඉන්ධන භාවිතය වෙනුවට, සූර්ය විදුලි බල ශක්තිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තය නව මානයකට යොමු කරන බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය ධූරයෙන් පිදුම් ලැබූ දුමින්ද දිසානායක මහතා පිළිගැනීමේ උත්සවයක් ඒ මහතාගේ නිවසේදී අද පැවැත්විණු අතර එහිදී අදහස් දැක්වූ ඒ මහතා
ඒ මහතා අමාත්‍යය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුරාධපුර පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණි අතර, ඒ මහතා පිළිගැනීම සඳහා අති විශාල පාක්ෂිකයින් හා හිතවතුන් පිරිසක් සහභාගී වී සිටියහ.
නිවස වෙත පැමිණි ඒ මහතා මහත් හරසරින් පිළිගත් දේශපාලන නියෝජිතයින්, පාක්ෂිකයින් හා හිතවතුන් ජය ඝෝෂා නගමින් ඒ මහතා නිවස වෙත කැඳවාගෙන එනු ලැබීය.නිවසට පැමිණි ඒ මහතා තම මවට වැඳ ආශිර්වාද ලබා ගත් අතර, ඉන් අනතුරුව මහා සංඝරත්නය ඒ මහතාට සෙත් පිරිත් සඡ්ජායනා කර ආශිර්වාද කරනු ලැබීය.
ඉන් අනතුරුව පැමිණ සිටි දහස් සංඛ්‍යාත පිරිස ඇමතූ සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,
අද අපි හැමෝටම ඉතාමත් සතුටු දවසක්, ඉතිහාසය බලපුවහම කැබිනට් මණ්ඩලයක් ඉතාමත් ක්‍රමවත්ව පත් කරපු පළමු වැනි අවස්ථාව, රටක් වෙනස් වෙනවා කියන එක අපිට පේන්න දකින්න තියෙනවා.වෙනදා ගත්තම ඇමතිවරු වෙනම දිවුරුම් දෙනවා, රාජ්‍ය ඇමතිවරු වෙනම දිවුරුම් දෙනවා මේ වගේ ක්‍රමයක් තිබුණේ නෑ, අද නුවර මගුල් මඩුවේදී රටේ ඉදිරි අනාගතය මොන පැත්තටද යන්නේ කියලා ඉතාම පැහැදිලිව පේන විදිහට, ඉතාමත් හොඳන් ඒ වැඩේ සිද්ධ වුණා,ඒ වගේම අමාත්‍යංශ බෙදීමේදීත් අපි ජනාධිපතිතුමන්ට ස්තූතිවන්ත විය යුතුයි, වෙනදා අමාත්‍යංශ බෙදන්නේ පැත්ත බලලා, පුද්ගලයා බලලා, හැබැයි මේ පාර අමාත්‍යංශ බෙදන කොට රටේ සියලු අංශයන් ටික ආවරණය වන පරිදි, ඒ සියලු අංශයන් ඉලක්කයක් හා වැඩපිළිවෙලක් එක්ක, බලාපොරෝත්තුවක් එක්ක තමයි මේ පාර අමාත්‍යංශ ටික බෙදලා තියෙන්නේ, වෙනද ගත්තම ඔබතුමන්ලා දන්නවා, ඇමති යටතේ තව ඇමති කෙනෙක් ඉන්නවා, වාහන ටික තියෙනවා, තනතුරු තියෙනවා.ඒ ටික පාවිච්චි කරන එක විතරයි වෙන්නේ.
ඔබතුමන්ලා දකින්න ඇති මට ලබා දීලා තියෙන අමාත්‍යංශයේ ජනාධිපතිතුමා ඉදිරි අවුරුදු 05 තුළ, එතුමා මේ රට වෙනස් කරන්න යන සියලුමට ටික ලබා දීලා තියෙන්නේ රාජ්‍යය අමාත්‍යයවරයා ලෙස මගේ අමාත්‍යංශයට, විදුලි බලයේ තියෙන 80% ක් , තෙල් වලින් විදුලිය නිෂ්පාදනය කරන්නේ නැතිව සුලං බලය, ජල විදුලිය, සූර්ය බලය , ගෑස් ටික භාවිතා කරලා කොහොමද අපි 80% ක් විදුලිය ජනනය කරන්න අපි සූදානම් කරනවා ඉදිරි වසර 05 තුළ , ඒ වගේම ව්‍යාපෘති රාශියක කටයුතු අපේ අමාත්‍යංශයට ලබා දී තිබෙනවා.
මේක ඔබතුමන්ලාට හිතෙන්න පුලුවන් මේකෙන් අනුරාධපුරයට මොනවද කෙරෙන්නේ කියලා.මම ඉල්ලීමක් කරනවා අපි කලින් හිටිය මතවාදයෙන් ඉවත් වෙන්න ඕන කියලා.දුමින්දට ඇමතිකමක් ලැබෙන්න ඕන අනුරාධපුරයට වැඩ කරන්න, තව කෙනෙක්ට ඇමතිකමක් ලැබෙන්න ඕන එයාගේ පැත්තට වැඩ කරන්න කියන සංකල්පයෙන් මිදුනොත් තමයි අපේ රට හදන්න පුළුවන්කම තියෙන්නේ.අද මම ඇමතිවරයෙක් වෙලා තියෙන්නේ රටේම මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න.ඔබතුමන්ලා වාසනාවන්තයි රටේම ප්‍රශ්න වලට උත්තර හොයන ගමන් අපේ පළාතේ තියෙන අවුව හොදටම වැටෙන ප්‍රදේශය තමයි අනුරාධපුරය.
එහෙම නම් අපිට සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදී අපේ නිවාස වලට අදායමක් ලබා ගැනීමටත්. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් මේ මගින් අමතර වාසියක් අනුරාධපුරයට ලැබෙනවා.
ඒ වගේම ගොවිතැනටත් විදුලිය භාවිතා කිරීමේදී වෙනත් ක්රමයන් මගින් විදුලිය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා.
උදාහරණයක් විදිහට වගාවට වතුර ගහන්නත් යොදා ගන්නේ භූමිතෙල්, ඉදිරියේදී අපි සූර්ය කෝෂ මගින් වතුර ගහන්න අපි සූදානම් කර ගත්තොත් අපිට ගොවිතැනටත් ශක්තියක් වෙනවා, විශාල වෙනසක් මේ රටේ වෙනවා.
අපි ගෝඨාභය මහත්තයා එක්ක මේ රට වෙනස් කරන්න ඕන කියලා, කියපු කට්ටිය, සාම්ප්‍රදායික ක්‍රමයට නෙමෙයි, වෙනස්ව හිතලා, අලුතින් හිතලා මේ රට වෙනස් කරමු කියපු අය, ඒ නිසා අපි හැමෝටම ඉදිරි වස 05 තුළ විශාල කැප කිරීමක් තියෙනවා.
මැතිවරණය ඉවරයි කියලා නිකං ඉන්න පුළුවන්කමක් නෑ ඒ වෙනසට ඔබතුමන්ලාගේ හයිය -ශක්තිය ඉදිරියටත් ලබා දෙන්න.
අපි හදපු ආණ්ඩුවේ සියලු අමාත්‍යංශ වල හයිය අපි ගමට ගේන්න ඕනකම තියෙනවා.
ඒ වෙනුවෙන් බර්ටිගේ පුතා හැමදාමත් ඔබතුමාලත් එක්ක ඉන්නවා යැයිද පැවසීය.