Aboutceylon Online

තෘණ ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් අනතුරට පත් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මොණරාගල සිට වටවල සත්ව ගොවිපල දක්වා තෘණ ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අනතුරට පත් විමෙන් එම ලොරි රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

(13) දින අලුයම 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කාර්ලිබෙග් වතු යාය ප්‍රදේශයේදිය.



තෘණ ටොන් 10 ක් පමණ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය රදැල්ල කෙටි මාර්ගයේ අධික බැවුමක් සහිත ප්‍රදේශයේ ධාවනය කරමින් සිටියදි ලොරි රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය මාර්ගයේ එක් පසකට පෙරලි අඩි 50 ක් පමණ ඉදිරියට ඇදි ගොස් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.

ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේදි ලොරි රථයේ සහයකයාද ගමන් කර ඇතත් ඔහුට අනතුරෙන් කිසිදු තුවාල සිදු වි නොමැති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

Scroll to Top