කැබිනට් මණ්ඩලයක් මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී දිවුරුම් දෙන මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙයයි.
කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද මෙලෙස දිවුරුම් දෙන ලදි.
මහනුවර මගුල් මඩුවේදී අද සිදුකෙරෙන නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ උත්සව කටයුතු රජ සමයේ සැරසිලිවලින් හැඩගන්වා තිබීම විශේෂත්වයක්.
ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යංශ ව්‍යුහය සකස් කර තිබේ.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත මේ වන විට පත්වීම් ලබා ගෙන ඇත.
කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ
ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන
කළුතර දිස්ත්‍රික්කය – සංජීව එදිරිමාන්න
මහනුවර දිස්ත්‍රික්කය – වසන්ත යාපා බණ්ඩාර
මාතලේ දිස්ත්‍රික්කය – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය – එස් බී දිසානයක
ගාල්ල දිස්ත්‍රික්කය – සම්පත් අතුකෝරළ
මාතර දිස්ත්‍රික්කය – නිපුන රණවක
හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පත්ති
යාපනය දිස්ත්‍රික්කය – අංගජන් රාමනාදන්
කිලිනොච්චිය දිස්ත්‍රික්කය – ඩග්ලස් දේවානන්දා
වව්නියාව දිස්ත්‍රික්කය – කේ. දිලීපන්
මාන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක – කාදර් මස්තාන්
ත්‍රීකුණාමලය – කපිල අතුකෝරළ
අම්පාර – ඩී. විරසිංහ
කුරුණෑගල – ගුණපාල රත්නසේකර
පුත්තලම – අශෝක ප්‍රියන්ත
අනුරාධපුරය – එච්. නන්දසේන
පොළොන්නරුව – අමරකීර්ති අතුකෝරළ