මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි පතිත විම නිසා ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.
පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින අතර , ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ස්වයංක්‍රියව විවෘතව පවති.
අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් , හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයත් ලිස්සන සුළු බැවින් සහ වරින් වර මතු වන ඝන මිදුම් තත්ත්වය නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුන්ගෙන් ඉල්ලා සිටියි.
පවතින අධික වර්ෂාවත් සමග තේ වතු ආශ්‍රිතව දෛනික වැඩ කටයුතු සිදු කිරිමට වතු කම්කරුවන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බව වතු අධිකාරිවරුන් කියා සිටියි.
පවතින වර්ෂාවත් සමග නුවරඑලියේ එලවළු ගොවින්ද අසිරුතාවයට පත් වි ඇත.