මෙවර පාර්ලිමේන්තුව සදහා තේරී පත්වූ කාන්තාවන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සුභ පැතුම් එක් කරයි.
එම කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සදහන් කළේ ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් යන කුමන ක්‍රමයෙන් තේරී පත්වුව ද මෙලෙස කාන්තා නියෝජනය ඉහළ යාම ජාතික වශයෙන් වැදගත් කරුණක් බවයි.
පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, කෝකිලා ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, මුදිතා සොයිසා, රෝහිණි කවිරත්න, තලතා අතුකෝරල, මංජුලා දිසානායක, සීතා අරඹේපොල, ඩයනා ගමගේ ඇතුළු 10 දෙනෙක් මෙවර පාර්ලිමේන්තුව සදහා සුදුසුකම් ලබා සිටියි.
කාන්තා නියෝජනය අනිවාර්ය නොවූ මැතිවරණයකින් මෙලෙස කාන්තාවන් තෝරා පත් කර ගැනීම අගය කළ යුතු බව ඇය කියා සිටියාය.
පැවති පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය අනිවාර්ය කර තිබූ අතර සෑම අපේක්ෂක ලැයිස්තුවකම කාන්තාවන් සිටීම අනිවාර්ය කෙරිණ.
නමුත් මෙවර මහ මැතිවරණයේ එලෙස කාන්තා නියෝජනය අනිවාර්ය තත්වයක් දක්නට නොමැති වුවද සෑම පක්ෂයක් විසින්ම යම් ප්‍රමාණයකින් කාන්තාවන් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ හා බලවේග විසින් සිය ජාතික ලැයිස්තු සැකසීමේදී කාන්තා කියොජනය පිළිබඳ අවධානය යොමු කිරීම කැපී පෙනෙන තත්වයක් බව ආරියවංශ මහත්මිය සඳහන් කළාය.
කාන්තා නියෝජනය සම්බන්ධයෙන් වන මෙ සාධනීය දේශපාලන පිවිසුම ඉදිරි පළාත් සභා සහ ප්‍රාදේශිය සභා මැතිවරණ දක්වා ව්‍යාප්ත විය යුතුබව ඇයගේ අදහසයි.
ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය