Aboutceylon Online

පළාත් කිහිපයකට වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සබරගමුව, මධ්‍යම, බස්නාහි රසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.



දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බටහිර සිට නිරිත දක්වා දිශා වලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.   කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතී.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතී.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. 2.0–2.5 ක් පමණ (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

ධීවර සහ නාවුක ප්‍රජාව සහ වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

Scroll to Top