Aboutceylon Online

මා ජනපති වුව ද අයියණ්ඩිය ඔබය…

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහින්ද රාජපක්ෂ, නිදහස් ශ්‍රී ලංකාවේ 14 වන අගමැතිවරයා ලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා සිය වැඩිමල් සොයුරු අගමැති මහින්දට වැඳ ආචාර කරන ජායරුපයක්  මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් දැක්වීම් වලින් යුතුව සංසරණය වෙමින් පවතී.

මෙම දිවුරුම්දීමේ උත්සවය ඓතිහාසික කැළණිය රජ මහා විහාරස්ථානයේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.



ජනාධිපතිවරයා, අගමැතිවරයාට වැඳ ආචාර කරන ජායරුපය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රවීන දේශපාලන විචාරක මහේෂ් හපුගොඩ මෙවැනි සඳහනක් පළකර ඇත.

”ආදරණිය ජායාරූපයක්. සිදුවිය යුත්තේ සංස්කෘතික අවසන් කිරීම සඳහා වහසි බස් දෙඩීම නොව අපට උරුම වූ සංස්කෘතිය, හර පද්ධතිය සහ අපේ ශිෂ්ටාචාර වටිනාකම් නූතන ලෝකය වෙනුවෙන් නැවත අර්ථකතනය කර ගැනීමය. ඔවුන්ගේ සාර්ථකත්වය එයයි. ඇතැම් විට මේ ඇත්තම හැඟීම් ප්‍රකාශනයක් විය හැකිය. එසේ නැත්නම් අවම වශයෙන් මතුපිට තලයේ හෝ එසේ කිරීම හේතුවෙන් ඔවුන් ලාංකික ජන විඥාණයේ නොමැකිය හැකි සටහනක් තබා ඇත.

Scroll to Top