Aboutceylon Online

මත්තල ගුවන්තොටුපළ නැවත සක්‍රීය කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය සමයේ විකිණීමට සූදානම් වූ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අද (09) සිට ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ගුවන් මෙහෙයුමක් ආරම්භ කිරීමට ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සැලසුම් කර තිබේ.

අද එමිරේට්ස් ගුවන්සේවය මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණෙන අතර අමෙරිකාව සහ යුරෝපා රටවලට ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද අද සිට ආරම්භ කරනු ලබයි.

යහපාලන රජය බලයට පැමිණිමෙන් පසු 2015 සැප්තැම්බර් 02 වැනිදින මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටි ගුවන් භාණ්ඩ බහලුම් සංකීර්ණයේ වී ගබඩා කිරීමට තීරණය කෙරුණේ දැඩි විරෝධය මධ්‍යයේය.



කෙසේවෙතත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි ඇති එක්ස්රේ ස්කෑනින් යන්ත්‍ර, අධි තාක්ෂණික ගිනි සංවේදිත උපකරණ, වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලේ වී ගබඩා කිරීම සිදුකෙරුණි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් හෙට දිනයේ අමෙරිකාව වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදුකිරීම ද විශේෂත්වයකි.

ඒ අනුව, ගුවන් භාණ්ඩ ටොන් 28 ක් එමිරේට්ස් ගුවන් යානයකින් අමෙරිකාවට අපනයනය කරයි.

Scroll to Top