Aboutceylon Online

රන් මාලය ගිල වැඩ වරද්ද ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කඩා ගිල දැමු සැකකරු මේ මස (21) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය (08) දින නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි අබ්දුල් මුතාෂ් මොහොමඩ් අලි නැමැති (33) හැවිරිදි යන අයයි.

සැකකරු (08 ) දින හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැද තිබු රුපියල් ලක්ෂ තුන හමාරක් පමන වටිනා ගෙල බැදි රන්මාලය කඩා ගෙන දිව ගොස් ඇත.

සිද්දිය සම්බන්දයෙන් හැටන් පොලිසියට ලද පැමිනිල්ලක් මත හැටන් පොලිසියේ අපරාද විමර්ශණ අංශයේ නිලධාරින් වහාම ක්‍රියාත්මක වි හැටන් නගරයේ ස්වර්ණාභරණ උකසට ගන්නා වෙලදසැල් වලින් ඒ පිලිබද තොරතුරු විමසිමේදි සැකකරු පිලිබදව තොරතුරු අනාවරණය කරගත් පොලිස් නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුමක් සිදු කල අවස්තාවේ සැකකරු සින්ගිමලේ දුම්රිය උමන් මාර්ගය දෙසට දිව යන අවස්ථාවේ හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලා ගත් අවස්ථාවේ සැකකරු විසින් ඔහු සන්තකයේ තිබු රණ් මාලය ගිලදමා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් පොලිසියේ නිලධාරින් විසින් දික්ඔය මුලික රෝහලවෙත ඇතුලත් කර එක්ස්රේ ඡායාරුපයක් ගෙන පරික්ෂා කර බැලිමේදි සැකකරු විසින් කඩා ගත් බවට සැක කෙරෙන රණ් මාලය සැකකරුගේ උදරයේ රැදි තිබෙන අයුරු එක්ස්රේ ඡායාරුපයේ පැහැදිලිව පෙනේන්ට ඇත.

සැකකරු බන්දනාගාර ගත කිරිමට නියොග කල හැටන් මහේස්ත්‍රාත් අධීකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර ඇත්තේ සැකකරු බනධනාගාර රෝහලේ වෛද්‍යය වරයා වෙත ඉදිරිපත්කර සැකකරුගේ උදරයේ රැදි ඇති රන් මාලය පිටතට ගෙන එම රන්මාලය වැඩි දුර පරික්ෂණ සදහා හැටන් පොලිසිය වෙත බාර දි සැකකරු මේ මස (21)දින අධීකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසය.

 

Scroll to Top