Aboutceylon Online

නල්ලතන්නිය මොහිනි ඇල්ල අසල පස් කන්දක් කඩා වැටි ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිනි ඇල්ල ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්දක් එම ප්‍රදේශයට පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග කඩා වැටි ඇති බවයි පොලිසිය කියා සිටියේ.



මොහිනි ඇල්ල අසල ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන අතර පස් කන්ද කඩා වැටුණු ස්ථානයට ඉහලින් විශාල යුකෙලෙප්ස්ටික් වර්ගයේ ගස් කිහිපයක් පිහිටා ඇති බවත් , පවතින අයහපත් කාලගුණයත් සමග හමා යන දැඩි සුලං තත්ත්වය හමුවේ එම ගස්ද ප්‍රධාන මාර්ගයට ගැලවි එමේ අවධානමක් පවතින බවයි පොලිසිය කියා සිටියේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් සහිත ගස් කපා ඉවත් කරන ලෙස ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය විසින් ලක්ෂපාන වතු යායේ පාලන අධිකාරියට දැනුම් දි ඇතත් ,ඒ සදහා වතු පාලන අධිකාරිය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි පොලිසිය පැවසුවේ.

පවත්නා තත්ත්වය මත එම මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට සහ එම වාහන වල ගමන් ගන්නා මගින්ගේ ජිවිත වලට දැඩි අවධානමක් පවතින බවද නල්ලතන්නිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

Scroll to Top