Aboutceylon Online

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ දැඩි සුළඟින් දේපළ හානි රැසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊයේ රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ දැඩි සුළඟින් දේපළ හානි රැසක් වාර්තා වනවා.

තද සුළඟකින් හෝමාගම ප්‍රදේශයේ නිවාස 90කට හානි සිදුව ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරයි.

කොළඹ ප්‍රදේශය ආශ්‍රිතවද වැසි සමග දැඩි සුළං තත්ත්වයක් පැවති බවයි  සඳහන් වන්නේ.



සුළඟ හේතුවෙන් වෙළෙඳසැල් සහ නිවාස රැසකට හානි සිදුව ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඉදිරි පැය කිහිපය තුළද වැසි සමග දැඩි සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

Scroll to Top