Aboutceylon Online

අලි හමුවේ අසරණ වූ පියයි පුතයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අඩි 11 ක් පමන උස මහා සද්ධන්තයා ඔලුවෙන් ගේ බිත්තිය තල්ලු කලා. මමයි පුතයි ජීවිතේ බේර ගන්තේ ඉස්සරහා දොරින් මිදුලට පැනලා දුවලා. අපිට මේ වල් අලි කරදර නිසා ඇගේ ලේ පිච්චි පිච්චි ඉන්න වෙලා තියෙන්නේ. මැති ඇමති වරු , වන ජීවි එක, අපේ ප්‍රශ්න වලදි නිහඩයි යැයි වන අලි හමුවේ අසරණ වී සිටින මැදවච්චිය පී. ඒකනායන ගොවි මහතා පැවසීය.

මැදවච්චිය අංක 58 තුලානේ ඉසින්බැස්සගල නව ගම්මානයට මේ දින වල දිගින් දිගට වන අලි ප්‍රහාර දැඩිව එල්ල වෙමින් පවති. පසුගියදා  (03) රාත්‍රියේද මෙම ගම්මානයට වල් අලි 03 දෙනෙකුගෙන් සමන්විත රංචුවක් පැමිණ දේපල හානි සහ වගා හානි සිදු කර ඇත.

එම අවස්තාවට මුහුණ දුන් පී. ඒකනායන ගොවි මහතා අප සමග මෙසේ කීය,



මම මේ ගමට ඇවිත් අවුරුදු 22 යි. මේ මෑතක ඉදලා අපිට දැඩි ලෙස වල් අලි ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපිට සැකයකි තිබෙනවා අපේ ප්‍රදේශයට පිටතින් අලි ගෙනත් දාලා තියෙනවා කියලා. මොකද මීට පෙර හිටපු අලින්ට අපි කතා කරලා යන්න කියපුවාම ඒ සද්ධන්තයින් නිහඩව යන්න යනවා. මේ දැන් ඉන්න අලින්ට කතා කලාම ඒ කතා කරන කෙනා මරන්න එලවගෙන එනවා.

අපි ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. අපි රටට බරක් නැතිව ජීවත් වෙන මිනිස්සු. අපේ ප්‍රශ්න වලදි මැති ඇමති වරු , වන ජීවි එකයි නිහඩයි.  මේ මැදවච්චි වව්නියා ප්‍රධාන මාර්ගය. මේ මාර්ගයේ ඉසින්බැස්සගල නව ගම්මානය කියන ප්‍රධාන මාර්ග කොටසේ විතරක් මීට පෙර මිනිස් ජීවිත 04 ක් මේ මෑතකදි වන අලි බිලි ගත්තා.

මරලා දැම්මා. ත්‍රී රෝද රථ වලට මෝටර් සයිකල් වලට වන අලි ප්‍රහාර නිතරම එල්ල වෙනවා. අපට නිකරුණේ ජීවිත බිලි දෙන්න වෙලා මේ සත්තුන්ට. අපිට අලි වෙඩි දෙන්නේ නෑ. දුන්නත් එකයි දෙකයි දෙන්නෙ. ඒවා ප්‍රමාණවත් නැහැ.

මගේ ගෙදර ප්‍රධාන පාර අයිනේ තියෙන්නේ. රාත්‍රි 12.30 ට පමණ අපි නිදාගෙන ඉද්දි ජනේල ලගින් ලොකු සද්දයක් ආවා. අපි ඇහරලා බලද්දි අලියා ජනේලය බිදලා වී කන්න ගේ ඇතුලට ඔලුව දාගෙන ඉන්නවා. ඒ වෙලාවේ අපි කෑ ගහපු සද්දෙට අලියා ගේ පිටිපස්සේ මුදුන් බිත්තිය කැඩුවා. අපිව මරන්න හැදුවෙ ගෙට ඇවිත්. අපි ගේ ඉදිරි පස දොරින් මිදුලට පැනලා දිවුවා. ජීවිතේ බේර ගන්න.



අපේ ගේ කැඩුවා අලි. මේ වෙනකම් වග කිව යුතු කිසිදු  නිලධාරියෙක් ආවේ නෑ. අපි අසරණ වුනාමවත් ඒවට පිලියමක් දෙන්න කවුරුත් නැහැ. මට වයස අවුරුදු 55 යි. මට දැන් මේ ගේ හදා ගන්න මහන්සි වෙන්න ශක්තිය නැහැ.  රජයෙන් අපට මේවට අර්ධ හානි වන්දි මුදලක්වත් ලබා දෙන්න කටයුතු කරලා දෙන්න කියලා මම බලධාරින්ගෙන් ඉල්ලනවා. අපිට මේ අලි ප්‍රශ්නෙට ස්ථීර විසදුමක් කඩිනමින් ලබා දෙන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජී.ඒ ලලිත් කුමාර කරුණාරත්න මහතා,

මම ව්‍යාපාරිකයෙක්. මේ පාර අයිනේ තැබිලි කපලා විකුණලා, ගොවිතැනක් කරගෙන ජීවත් වෙන්නෙ. අපි මේ ගමේ ජීවත් වෙන අය. දවසින් දවස මේ ගමේ තරුණ ජීවිත ගොවි ජනතාව මහ පාරවල් වල අලි පාගලා මැරිලා යනවා. මැදවච්චිය අංක 58 තුලානේ ඉසින්බැස්සගල නව ගම්මානයට නිතරම මේ අලි ප්‍රහාර එල්ල වෙනවා. අලි මිනිස් ගැටුම උග්‍රම ස්තානය මේ ස්තානය වෙලා. අපිට අලි වැටක් ලබා දෙන්න. අපේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

Scroll to Top