(05) දින පැවැත්වෙන මහ මැතිවරණය සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 498 ක් මේ වන විට විෂබිජහරණයට සිදු කර ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.
ජන්ද මධ්‍යස්ථාන සහ ඒ අවට පරිසරය මේ වන විට විෂබිජහරණයට සිදු කර ඇති බවත් , එම ජන්ද මධ්‍යස්ථාන පිහිටි බල ප්‍රදේශයේ පලාත් පාලන ආයතන එක්ව ජන්ද මධ්‍යස්ථාන විෂබිජහරණයට සිදු කල බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.
විෂබිජහරණය සිදු කර ජන්ද මධ්‍යස්ථාන වල අද (04) දිනයේ ජන්ද පෙට්ටි රැගෙන ඒමට නියමිත අතර , අද (04) දින රාත්‍රියේ ජන්ද මධ්‍යස්ථාන භාර නිලධාරින් එම ජන්ද මධ්‍යස්ථාන වල රැදි සිටිමට නියමිතයි.