මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද වීථි සංචාරය කරනවා.
දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7.15 ට පිටත්වන පෙරහර දළඳා වීථිය, යටිනුවර වීථිය, කන්දේ වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ ගමන් ගෙන රජවීථියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතයි.
ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ අවසන් ඇසළ මහ පෙරහර ද අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
ඊයේ සහ අද දිනයේ පෙරහර මංගල්‍යය ජනතාවට නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බවයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ සඳහන් කළේ.