ශ්‍රි ලාංකික ජනතාවගේ විද්‍යා දැනුම ඉහල නැංවීම සහ විද්‍යා දැනුම හුවමාරු කිරිම මූලික කරගනිමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයට අනුබද්ධ පර්යේෂණ, සංවර්ධන සහ තාක්ෂණ සේවාවන්හි නියැලෙන, ජාතික මූලික අධ්‍යයන ආයතනය (NIFS) මගින් හඳුන්වා දුන් “විදු නැණ හවුල” කෙටි පණිවිඩ සේවාව මගින් අසනු ලබන විද්‍යා පැනයන්ට නිවැරදි පිළිතුරු ලබාදුන් 2018/2019 වර්ෂයේ ජයග්‍රාහකයන් සඳහා සම්මාන හා සහතික පත්‍ර ප්රදානෝත්සවය පසුගිය ජූලි මස 30 වන දින හන්තාන, ජාතික මූලික අධ්‍යයන ආයතනයේදී පැවැත්විණ.
අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන ප්රදානෝත්සවයේදී රොෂේන් ප්‍රනාන්දු මහතා රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර රිදී සහ ලෝකඩ සම්මානයන් පිළිවෙලින් පේශල පසන් කරුණාරත්න මහතා සහ නයනතරා සපුගොඩ මහත්මිය පිදුම් ලැබීය.
2012 වර්ෂයේ ආරම්භ වූ මෙම විද්‍යා කෙටි පණිවිඩ සේවාව දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා කෙටි පණිවිඩ සේවාව වන අතර විද්‍යාත්මක කෙටි පණිවිඩ ජංගම දුරකථන, විද්‍යුත් තැපෑල සහ සමාජ ජාලා මාධ්‍ය යොදා ගනිමින් සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දිවිත්වයෙන්ම ක්‍රියාත්මක කෙරේ.
සතියේ වැඩකරන සෑම දිනකම විද්‍යා කෙටි පණිවිඩ ලබාදීම සිදු කරන අතර වසරේ සෑම සති අන්තයකම අසනු ලබන විද්‍යා පැණයන්ට ලබා දෙන පිළිතුරු විශේෂ ඇගයීම් පටිපාටියක් යටතේ ඇගයීම් සිදුකර වසර අවසානයේ ලබා ඇති ලකුණු ප්රමාණයන්හි එකතුවෙන් ජයග්‍රාහකයින් තෝරා පත්කරගනු ලැබේ.
දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා කෙටි පණිවිඩ සේවාව වන “විදු නැණ හවුල” සමඟින් විද්‍යා ක්ෂේත්රය පිළිබඳව ඇල්මක් දක්වන විදු දැනුම පිපාසයෙන් පෙලෙන්නා වූ විශාල පිරිසක් මේ වන විටත් සමාජිකත්වය ලබා ගෙන ඇති අතර. විද්‍යා දැනුම පිළිබඳව ඇල්මක් දක්වන සියළුම දෙනාට http://vidunenahawula.com/ යන වෙබ් අඩවියට පිවිස “විදු නැණ හවුල” හා ලියාපදිංචි විය හැකි බව ජාතික මූලික අධ්‍යයන ආයතනය පවසයි.